27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පත්වෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වැනි සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඊයේ (24) තේරී පත්විය.

ඊයේ පැවැති නිලවරණයේදී සාලිය පීරිස් මහතා ඡන්ද 5093 ක්ද, කුවේර ද සොයිසා මහතා ඡන්ද 2707 ක්ද ලබාගත් අතර මේ අනුව වැඩි ඡන්ද 2386 ක් ලබාගෙන සාලිය පීරිස් මහතා ජය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2021/2022 පාලන කාලය සඳහා සභාපතිවරයා තෝරා පත් කරගැනීමට පැවැති නිලවරණයේදී විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් 26 වැනි සභාපතිවරයා වශයෙන් සාලිය පීරිස් මහතා පත්වුණු බව නිලවරණයේ තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කළ සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි සෞඛ්‍ය රෙගුලාසි හේතුවෙන් අද පෙරවරු 8 සිට සවස 5 දක්වා කාලය තුළ කොළඹ දිසා අධිකරණ පරිශ්‍රයේ ස්ථාන තුනකදී සහ කොළඹින් පිටස්තර අධිකරණවල පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථාන 82 කදී මෙම ඡන්ද විමසීම පැවත්විණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *