• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දළදා හාමුදුරුවන් මාතෘභූමිය ආරක්ෂා කරන බව ජනපති පවසයි

5 August 2020
in දේශීය

අප දළදා හාමුදුරුවන් ආරක්ෂා කළාට වඩා, උන්වහන්සේගේ ආශිර්වාදයෙන් මාතෘභූමිය ආරක්ෂා වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජීවමාන බුදුන් වහන්සේට දක්වන ගෞරවය ඒ ආකාරයෙන්ම දළදා හාමුදුරුවන්ටත් පුදකරන අතර, පුරාණ චාරිත්‍ර වාරිත්‍ර අනුව එය ඉටුකිරීමට බැඳී සිටින බව ජනාධිපතිවරයා කියා සිටීයේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා සමාප්ත කළ බව සැලකිරීමට මහනුවර ජනාධිපති මන්දිරයේ ඊයේ (04) පස්වරුවේ පැවති උත්සවයේ දීය.

අප දේශයේ විචිත්‍ර සංස්කෘතික මංගල්‍යය ලෙසින් පිළිගනු ලබන මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන ඇසළ පෙරහර සංදේශය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ඇසළ පෙරහර සමාප්තිය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා මහනුවර ජනාධිපති මන්දිර පරිශ්‍රයේ නා පැලයක් ද රෝපණය කළේය.

දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල මහතා විසින් සංදේශය ඉදිරිපත් කරනු ලැබිණ.

ඇසළ පෙරහර භාරය පිටිසර දේවාල සඳහා කරන මුදල් ආධාර ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

කොවිඩ් තර්ජනය හමුවේ සෞඛ්‍ය නියමයන් ආරක්ෂා කර, පුරාණ චාරිත්‍ර ඉටුකරමින් පෙරහර සාර්ථකව පවත්වා දළදා හාමුදරුවන්ට ගෞරව දැක්වීමට හැකි වූ බව ජනාධිපතිවරයා පැවසීය.

“පෙරහර අපේ අගනාම සංස්කෘතික මංගල්‍යයක්. දේශීය කලාකරුවන්ගේ දක්ෂතා සේම පාරම්පරික කලා උරුමය රැක ගැනීමට සහ ප්‍රවර්ධනයට රජය කටයුතු කරනවා” ජනාධිපතිවරයා කියා සිටියේය.

පසුගිය කාලය තුළ පෙරහර මංගල්‍යයට හිලෑ අලි ඇතුන් සපයා ගැනීම ගැටළුවක්ව තිබිණ. නැවත එවැනි ගැටළුවක් ඇති නොවනු පිණිස හිලෑ අලි අතුන් සංස්කෘතියේ සහ උරුමයේ කොටසක් ලෙස සලකන බව රාජපක්ෂ මහතා පැවසීය.

Post Views: 15
Previous Post

ලෙබනන්යේ පිපිරිමකින් 78 මරුට

Next Post

මහමැතිවරණ ඡන්ද වීමසිම අවසන් .. ඡන්දය ප්‍රකාශ කිරීම 70%

editor

editor

Next Post

මහමැතිවරණ ඡන්ද වීමසිම අවසන් .. ඡන්දය ප්‍රකාශ කිරීම 70%

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved