• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිට අගමැතිට සිතාසී

24 July 2018
in ක්‍රීඩා

තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවක සාක්ෂි දීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට නැවතත් සිතාසි නිකුත් කර තිබේ.

ඒ, ඔක්තෝබර් මස 9 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් කළ නියෝගයට අනුවයි.

අදාළ නඩුව විභාගයට ගැනීම සඳහා අද(24) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට මීට පෙර අධිකරණ සිතාසි නිකුත් කර තිබුණි.

එහෙත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද දින පැවැත්වෙන බැවින් අධිකරණය හමුවට පැමිණීමට දුෂ්කර බවට දැනුම් දී ඇති බවයි.

ඒ අනුව මීළඟ දින ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැඳවා ගැනීමට අපහසු නම් වෙනත් සාක්ෂිකරුවකු කැදවා නඩුව ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා ඇත.

පසුගිය ජනාධිපතිවරණය සමයේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සුහදතාව බිඳ දැමීමට කටයුතු කළේ යැයි චෝදනා යටතේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණී.

Post Views: 14
Previous Post

බෝනොවන රෝග පාලනයට ව්‍යායාම අත්‍යාවශ්‍යයි

Next Post

ආණ්ඩු පෙරළන්න – සෙල්ලම් කරන්න එපා

editor

editor

Next Post

ආණ්ඩු පෙරළන්න - සෙල්ලම් කරන්න එපා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved