27 April 2024
#දේශීය

ෆොන් අන්සර් කරන්න බැරි තානාපති කාර්යාලවලට ජනපති අනතුරු අඟවයි !

ඔස්ට්‍රියා තානාපති කාර්යාලයට ජනාධිපති කාර්යාලයේ නිලධාරින් දිනක් පැය 04 ක කාලයක් දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කළ අවස්ථාවේදී එයට පිළිතුරු ලබා නොදීම හේතුවෙන් එම කාර්යාලයට අයත් සියළුම නිලධාරින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අද (17) කොළඹ හිල්ටන් හෝටලයේ දී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මේ දිනවල සමාජ මාධ්‍ය මඟින් ඔස්ට්‍රියා තානාපති කාර්යාලයේ නිලධාරින් ගෙන්වීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කරන බවයි. නමුත් තානාපති කාර්යාලය පැය 04 ක කාලයක් දුරකතනය නාද වන විට එයට පිළිතුරු ලබා දිමට කිසිවෙකු නොමැතිනම් එම තානාපති කාර්යාලයට යෙදවු නිලධාරින් ගෙන්වීමට හැර වෙන කිසිවක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙය අනෙකුත් තානාපති කාර්යාලවලට අනතුරු ඇඟවීමක් වනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *