• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහාචාර්ය ජනක සහ ආචාර්ය සිවකුමාර් හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් 25 දෙනා අතරට

22 August 2022
in දේශීය

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මහතා පසුගිය 11 වැනි දින ටොරොන්ටෝහි දී, කැනේඩියානු සංක්‍රමණික සඟරාවේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සහභාගී විය.

එහිදී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානුවන් දෙදෙනෙකු වන මහාචාර්ය ජනක රුවන්පුර සහ ආචාර්ය සිවකුමාර් ගුලසිංහම් යන මහත්වරු 2022 වසරේ හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් 25 දෙනා අතරට ඇතුළත් වූ බව ඔටාවා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙම වාර්ෂික සම්මාන වැඩසටහන මගින් ධෛර්යවන්ත කැනේඩියානු සංක්‍රමණිකයන් ලද ජයග්‍රහණ සමරනු ලැබේ.

මහාචාර්ය රුවන්පුර මහතා ඉදිකිරීම් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශාරදයකු වන අතර, සම්මානලාභී විද්වතෙකු ද වේ. එතුමා කැල්ගරි විශ්වවිද්‍යාලයේ උප පරිපාලන නිලධාරී, සහකාර උප සභාපති (පර්යේෂණ/ජාත්‍යන්තර) සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ද වේ. මහාචාර්ය රුවන්පුර මහතා සිය ශාස්ත්‍රීය ජයග්‍රහණ, පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා ජාත්‍යන්තර, ජාතික, පළාත් සහ නාගරික සම්මාන දිනා ඇත. මෑතකදී එතුමා ලද සම්මාන කිහිපයක් අතරට Distinguished Alumni සම්මානය (ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය), ශ්‍රී ලංකා පදනම (ලොස් ඇන්ජලීස්) වෙතින් හිමිවන Life Time Achievement සම්මානය සහ City of Calgary’s International Achievement සම්මානය ඇතුළත් වේ.

අචාර්ය සිවකුමාර් ගුලසිංහම් මහතා විශ්වවිද්‍යාල සෞඛ්‍ය ජාලයේ ටොරොන්ටෝ පුනරුත්ථාපන ආයතනයට අනුබද්ධිත සම්මානලාභී ශාරීරික වෛද්‍ය විද්‍යා සහ පුනරුත්ථාපන වෛද්‍යවරයකු සහ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ සහයක මහාචාර්යවරයෙකු වේ. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරියෙකි. කැනඩාවට සංක්‍රමණය වීමට පෙර, ආචාර්ය ගුලසිංහම් මහතා ශ්‍රී ලංකා ජාතික පුනරුත්ථාපන රෝහලේ ප්‍රධාන කායික වෛද්‍යවරයා ලෙස සේවය කළේ ය. එතුමා ඇත්ලටික්ස් කැනඩා (Athletics Canada) වර්ගීකරණය, ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටු වර්ගීකරණය හිමි ජාතික මට්ටමේ ලෝක- පැරා මළල ක්‍රීඩා සහ ලෝක පැරා – නර්ථන ක්‍රීඩා පුහුණුකරුවෙකි. ආචාර්ය ගුලසිංහම් මහතා ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය පිරිනමන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මානුෂවාදය සඳහා වන මයිකල් ගෝර්ඩන් සම්මානය, වසරේ විශිෂ්ටතම තරුණ පුද්ගලයින් – මානුෂීය සහ ස්වේච්ඡා සේවා සම්මානය, Junior Chambers International සම්මානය (JCI) , ශ්‍රී ලංකාව (2004) ඇතුළු කීර්තිමත් සම්මාන රැසකින් පිදුම් ලැබී ය.

කැනඩාවේ ආගමන කටයුතු, සරණාගතයන් සහ පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය ෂෝන් ෆ්‍රේසර්, මහ කොමසාරිස් නවරත්න මහතා සහ කැනඩාවේ විද්වතුන්, වෘත්තිකයන් සහ ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

 

Post Views: 5
Previous Post

කැස්බෑ මස් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

Next Post

ගාලු මුවදොර භූමියට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 49 ක් -නාගරික සංවර්ධන අධිකාරිය

editor

editor

Next Post

ගාලු මුවදොර භූමියට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 49 ක් -නාගරික සංවර්ධන අධිකාරිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved