• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාර්ග 160 ක් පැළ මිලියන දෙකක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කෙරේ

22 November 2020
in සංවර්ධන

ආසන 160 ක මාර්ග සංවර්ධන ව්‍යාපෘති 160 ක් සහ මග දෙපස පැළ මිලියන දෙකක් සිටුවීමේ වැඩසටහන අද (22) දින ආරම්භ කෙරිණ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව නව අන්තර් හුවමාරුවේ වැඩ ආරම්භ කිරීම හා පැළ සිටුවීම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා, ධීවර හා වරාය කටයුතු රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නිපුණ රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මාතර හක්මන මාර්ගයට පිවිසුමක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය මගින් ඉදිවන කපුදූව නව අන්තර් හුවමාරුව සඳහා රුපියල් මිලියන 387.5 ක මුදලක් වැය කරනු ලබන අතර ඉදිකිරීම් කාලය මාස 6 කි. අධිවේගී මාර්ගයේ 130.6 වන කිලෝ මීටර් කණුව අසළින් මෙම අන්තර් හුවමාරු පිවිසුම ආරම්භ වේ.

කටුනායක හා කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන රථවාහන වලට මෙම කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවී කඹුරුපිටිය ප්‍රදේශයටත් මාතර ප්‍රදේශයටත් පහසුවෙන් ළඟා වීමට හැකියාව ඇත. මෙම නව කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිට මාතර නගරයට දුර කිලෝමීටර් 6 කි. කඹුරුපිටිය නගරය දක්වා දුර කිලෝමීටර් 11 කි.

මෙයට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ පොලතුගොඩ පාලම අසල සිට පහලවිටියල සමගි මාවත මාර්ගය, හතමුණ හන්දියේ සිට බටුවිට ඌරපොල දක්වා මාර්ගය, උඩ අපරැක්ක නැගෙනහිර සිට උඩ අපරැක්ක උතුර දක්වා සාමපුර මාර්ගය, වැලිහිඳ කොටවිල යන ග්‍රාමීය මාර්ගයන්හි සංවර්ධන කටයුතු ද ආරම්භ කරනු ලැබීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රට හදන ”සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙල යටතේ කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු යොදා තිබිණ.

අනෙකුත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම මෙන්ම පැළ සිටුවීමේ වැඩසටහන අද දිනයේ ලංකාවේ සෑම ආසනයකම ක්‍රියාත්මක වන අතර අදාළ ආසනයන්හී මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා දේශපාලන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

 

Post Views: 12
Previous Post

දියේ ගිලි දරුවන් දෙදෙනෙකු මරුට

Next Post

අරලියගහ මන්දිරය වසා දමා නෑ – පැතිරයන පුවත අසත්‍යයකි – අගමැති මාධ්‍ය අංශය පවසයි

editor

editor

Next Post

අරලියගහ මන්දිරය වසා දමා නෑ - පැතිරයන පුවත අසත්‍යයකි - අගමැති මාධ්‍ය අංශය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved