• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාවට දුන් පොරොන්දු ඒ විදිහටම ඉෂ්ඨ කරනවා – රාජ්‍ය ඇමැති දුමින්ද

25 October 2020
in දේශීය

2/3 ක බලයක් අපිට ලබා ගැනීමත් එක්ක ඉදිරි අවුරුදු 05 තුළ ජනතාවට වෙච්ච පොරොන්දු ඒ අයුරින්ම ඉෂ්ඨ කිරීමට අපිට සිද්ධ වෙනවා යැයි සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ,“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක්” බිහි කිරීමේ සංකල්පය අනුව සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක පිරිසක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම යටතේ,එහි ප්‍රථම අදියර සඳහා තෝරාගෙන ඇති 34,818 දෙනා අතුරින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පත්වීම් ලැබූ 299 දෙනකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සදහා සහභාගී වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා “ ආණ්ඩුවක් ලෙස අපි ආරම්භක ගමන යන්න ආරම්භ කරලා තියෙනවා.ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලා අපි බලාපොරොත්තු වුණ සංවර්ධනය ගමට ඇති කරන්න, රටට ඇති කරන්න.ඒ වගේම 2/3 ක බලයක් අපිට ලබා ගැනීමත් එක්ක ඔබතුමන්ලා අපි සියලු දෙනා ඉල්ලපු කාරණාව ඔබතුමන්ලා ඡන්ද දායකයෝ විදිහට අපට ලබා දුන්නා.ඒ නිසා ඉදිරි අවුරුදු 05 තුළ ඒ ඔබතුමන්ලාට වෙච්ච පොරොන්දු ඒ වීදහටම ඉෂ්ඨ කරන්න අපිට සිද්ධ වෙනවා.ඒ නිසා අපි දෙගොල්ලම එකතු වෙලා අපි බලාපොරොත්තු වෙච්ච සංවර්ධනය මේ රටේ ඇති කරන්න ඉදිරියටත් ඔබතුමන්ලා කටයුතු කරන්න යැයි පැවසීය.

මෙම පත්වීම්ලාභීනට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 06ක විධිමත් පුහුණුවක් ලබාදීමට නියමිතය.ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය අදාළ පුහුණු වැඩසටහන භාරව සිටීන අතර පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීන්ට NVQ තුන ශ්‍රේණියේ සහතික පත්‍රයක් ප්‍රදානය කෙරෙනු ඇත.පුහුණු කාලය තුළ අභ්‍යාසලාභියෙකුට රුපියල් 22,500ක මාසික දීමනාවක් ලබාදීමට ද තීරණය කර තිබේ. රැකියා ලක්ෂයේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක්” බිහි කිරීමේ සංකල්පය අනුව සැළසුම් කරනු ලැබූවකි.එය බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි. අඩු ආදායම්ලාභීන්ගේ ආදායම නැංවීම, සමාජ සංරක්ෂණය තහවුරු කොට දිළිඳුකම පිටුදැකීම ආදායම් විසමතා සමනය කොට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම මෙම රැකියා වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ. මෙහිදි තෝරාගත් කිසිවෙකු රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් නොකරන පවුල්වල සාමාජිකයන් වේ.සය මාසික පුහුණුවෙන් පසු අභ්‍යාසලාභීන්ට ස්ථීර පත්වීම් ප්‍රදානය කොට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු තනතුරුවල කාර්යයන් ඉටු කිරීම සඳහා යොමු කිරීමට නියමිතය.

 

Post Views: 7
Previous Post

කොරෝනා ආසාදිතයින් 4313 දක්වා ඉහලට

Next Post

මෙරට 16 වන කොරෝනා ආසාදිත මරණය සිදු වෙයි

editor

editor

Next Post

මෙරට 16 වන කොරෝනා ආසාදිත මරණය සිදු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved