27 April 2024
#දේශීය

මාතලේ ගම්මිරිස් ගොවින්ට සහන ලබා දෙයි

සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙළ යටතේ ගම්මිරිස් වගා කරන ගොවි ජනතාවගේ ආර්ථිකය ගොඩනැංවීමේ අරමුණ ඇතිව රත්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ මැදිහත්වීම මත රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මිරිස් වගා කරන ගොවි ජනතාව සඳහා රුපියල් මිලියන 692 පමණ වටිනා උපකරණ බෙදා දීම ඉකුත්දා සිදු විය.

රත්තොට ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවේ සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මේ අවස්ථාව සඳහා රත්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ප්‍රභාත් නවරත්න මහතා ඇතුළු සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ගොවින් පිරිසක් සහභාගි විය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *