සංචාරකයින්ට වඩාත් උචිත අත්දැකීම් සපිරි සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පළාත් සංචාරක දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව පවසයි. බදුල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි සංචාරක සැලැස්මක අවශ්‍යතාවය හඳුනාගනිමින්, පාරසරික හා දේශගුණික සංවේදී කලාප ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන කලාප දහයක් මේ වන විට තෝරාගෙන තිබේ.මෙම සංචාරක අනු කමිටුව සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2026 වර්ෂය සඳහා ඌව පළාතේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් මිලියන 320.6ක ප්‍රතිපාදන හිමිවී ඇති අතර, වැල්ලවාය සංචාරක පහසුකම් මධ්‍යස්ථානය, දුන්හිද ඇල්ල නැරඹුම් වේදිකාව ප්‍රතිසංස්කරණය කිරීම සහ ඌව පරණගම විශේෂ සංචාරක කලාප ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති රාශියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.














