• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාගම මරණයත් බාල ඖෂධයක් නිසාදැයි බරපතල සැකයක් – රවි කුමුදේශ්

1 July 2023
in දේශීය

රාගම රෝහලේදි පසුගිය සතියේ මියගිය රෝගියෙකු මිය යෑමට හේතුව ඇයට ලබා දුන් ප්‍රතිජීවක එන්නතෙහි ගැටළුවක් නිසා ඇතිවූ ආසාත්මිකතාවයක් නිසාදැයි යන බරපතල සැකයක් මතු වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. ‍

ඒ මහතා පැවසුවේ ඇමොක්සිග්ලොව් නැමති මෙම ඖෂධය හේතුවෙන් මීට පෙරද බරපතල ආසාත්මිකතාවයන් ඇතීවීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති නමුත්, ඒවා සාමාන්‍ය ආසාත්මිකතාවයන් සේ සලකා එම පැමිණිලි බැහැරකර ඇති බැවින් මේ පිළිබඳව විධිමත් සායණික විමර්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ජා ඇල උතුරු බටගම පදිංචිව සිටි එක් දරු මවක් වන අතර විෂබීජයක් නිසා ඇයට ලබා දුන් එන්නතක් හේතුවෙන් ඇති වූ අසාත්මිකතාවයක් නිසා ඇය මිය ගොස් ඇති බව මරණ පරීෂණය මගින් තහවුරු වී ඇති බවද වාර්තා වන බව කුමුදේශ් මහතා කියා සිටියේය.

තත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් රෝගීන්ට සිදුවන හානි සහ ඇතැම් සායනික භාවිතාවන් නිසා සිදුවන ජීවිත හානි වැඩිවෙමින් පවතින අතර, ඒවා බොහොමයක් සාමාන්‍ය තත්වයන් ලෙස යට ගැසීමේ හෝ නොසලා හැරීමේ තත්වයක් පවතින බැවින්, මහජනතාවගේ එවන් පැමිණිළි විමර්ෂණය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් වහාම පත් කරන ලෙස, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය, සෞඛ්‍ය ඇමතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

එසේම එම කමිටුවෙහි විෂය ප්‍රාමාණිකයින්ට අමතරව, රෝගීන්ගේ පාර්ශවය නියෝජනය කිරීම සඳහාද සාමාජිකයින් පත් කිරීම මගින්, එම කමිටුවේ නිරීක්ෂණවල විනිවිදභාවය ආරක්ෂා කල යුතු බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අවධාරණය කර සිටියේය.

 

Post Views: 6
Previous Post

සේවක අරමුදල් සුරක්ෂිතයි , මහජන බැංකුවේ උපන්දිනයට සුබ පතමින් අගමැති සහතික වෙයි

Next Post

බංකොලොත් භාවයෙන් රට මුදා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ සමඟ එක්වන්න – ජනපති

editor

editor

Next Post

බංකොලොත් භාවයෙන් රට මුදා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ සමඟ එක්වන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved