ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල නිවස අසල පැවති විරෝධතාවක් අතරතුර එරට විපක්ෂ නායක රාහුල් ගන්ධි පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිසුන් සිදු කළ විරෝධතාවකට එල්ල වූ පොලිස් මර්දනයට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර, එහිදී රාහුල් ගාන්ධි සමඟ ප්‍රියංකා ගන්ධි ඇතුළු කොංග්‍රස් පක්ෂ සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටියහ. නවදිල්ලි නුවර පැවති මෙම විරෝධතා අතරතුර ඇති වූ ගැටුම්වලින් විරෝධතාකරුවන් 60 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 118 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, මෑත වසර පහක කාලය තුළ අගනුවර සිදු වූ විශාලතම වීදි රැළිය මෙය ලෙස සැලකේ.














