දුම්රිය සේවා ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියට අදාළව, සාම්ප්‍රදායික දුම්රිය ප්‍රවේශපත වෙනුවට ඩිජිටල් ටිකට්පතක් හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතියක් මැයි මස 1 දා සිට කැලණිවැලි දුම්රිය මාර්ගය ආශ්‍රිතව ක්‍රියාත්මක කර තිබේ.
බේස්ලයින්, කොටා රෝඩ්, කිරුළපන හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන මූලික කර ගනිමින් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර එම ස්ථානවල මෙතෙක් භාවිත කළ රෝස පැහැති ප්‍රවේශපත භාවිතයෙන් ඉවත් කර ඇත. ඒ වෙනුවට මගීන් වෙත QR කේතය සහිත නව රිසිට්පතක් නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දුම්රිය ස්ථානවල ස්කෑන් යන්ත්‍ර සවි කර ඇති අතර මගීන්ට එම යන්ත්‍ර හරහා QR කේතය ස්කෑන් කිරීමෙන් පසුව වේදිකාවට ඇතුළු වීමට හැකියාව ලැබේ. මෙම ක්‍රමවේදය පරීක්ෂා කිරීම සඳහා ප්‍රවේශපත් පරීක්ෂකවරුන්ටද අදාළ ස්කෑන් උපකරණ ලබා දී තිබේ.
මෙම ව්‍යාපෘතිය මගින් මතුවන ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් ලබා දෙමින්, කැලණිවැලි මාර්ගයේ සියලුම දුම්රිය ස්ථානවලටද, ඉන්පසු අනෙකුත් මාර්ගවලටද මෙම ඩිජිටල් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.














