රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි මහල් නිවාසයකදී අත්අඩංගුවට ගත් විදේශිකයන් 120 දෙනා එළැඹෙන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
නීතිවිරෝධී මූල්‍ය ජාවාරම් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීමේ චෝදනාව මත මෙම පිරිස රාජගිරිය ප්‍රදේශයේ මහල් නිවාසයකදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අදාළ නිවසේ මහල් කිහිපයක් කුලී පදනම මත ලබාගෙන මෙම කූඨ ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර චීනය, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කරය, පිලිපීනය, තායිලන්තය සහ කාම්බෝජය යන රටවල ජාතිකයින් සිටින බව වාර්තා වේ. සැකකරුවන් ඊයේ (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.ඩී. ජනක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකථන රැසක් පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














