වෙසක් සමයේ ජනතාවට ආහාර පාන සැපයීමේදී සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම සඳහා දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇත.
වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කෙරෙන දන්සැල් ලියාපදිංචි කිරීමේ වැඩසටහන අද (04) සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් මෙම ලියාපදිංචි කටයුතු සිදු කෙරෙන බව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය.
දන්සැල් පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටත් නිකුත් කර ඇත. දන්සැල් සංවිධායකයන්ට ඒ පිළිබඳ අවශ්‍ය තොරතුරු ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ලබාගත හැකි බවට දැනුම් දී තිබේ.














