• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජපක්‍ෂ පවුල් කැබිනෙට්ටුව කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට හොර රහසේ විකුණලා – ජවිපෙ

19 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපේ රටේ විශාලතම ජාතික සම්පතක් වූ කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා දැමීමේ ගිවිසුමකට ආණ්ඩුව විසින් අත්සන් තබා තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා අද (19) පැවැති මාධ්‍ය හමුවේදි වසා සිටියේ අප විශාල බලශක්ති පරිභෝජනයක් ඇති රටක් නොවන බවයි.

එම මාධ්‍ය හමුවේදි දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය “ජාතික ආරක්‍ෂාවේදී බලශක්ති ක්‍ෂේත්‍රය අතිශය වැදගත් වෙනවා. ඒ නිසා එය රජය සතුවීම අතිශය වැදගත් කරුණක්. බැසිල් රාජපක්‍ෂ නම් ඇමරිකානු ද්විත්ව පුරවැසියා, ගෝඨාභය රාජපක්‍ෂ ද්විත්ව පුවැසියා අපේ රටේ මේ වැගත්ම සම්පත ඇමරිකානු සමාගමකට පැවරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. කෙරවලපිටිය විදුලි බලාගාරය දැනට මෙගාවොට් 300ක් නිපදවනවා. එය තවත් මෙගවොට් 300ක් එකතු කිරීමට නියමිතයි. 2025 දී එය මෙගාවොට් 1,000ක් කිරීමේ සැලසුමක් තිබෙනවා. එය විශාලතම බලශක්ති බලාගාරය වීමට නියමිතයි. එය රාජ්‍ය සමාගම් වෙත අයිතිය තිබෙන බලාගාරයක්. දැනට එය ඩීසල්වලින් විදුලිය උත්පාදනය කළත් එයට ඩීසල්වල සිට ගෑස් දක්වා හැරවිය හැකි තාක්‍ෂණයක් තිබෙනවා. නමුත් අපට තවමත් ගෑස් ගබඩාවක්, නළ පද්ධතියක්, ද්‍රව ගෑස් වායු බවට හරවන යාන්ත්‍රණයක් නොමැති නිසා ඩීසල්වලින් විදුලිය නිපදවනවා. එම නිසා ගෑස්වලින් විදුලිය නිපදවීමට අවශ්‍යවන යටිතල පහසුකම් සඳහා අප ජාත්‍යන්තර ලංසු කැඳවීමක් කළා ඛණිජ තෙල් සංස්ථාව භාර අමාත්‍යාංශය විසින්. පසුගිය පෙබරවාරි 18වැනිදා මේ පිළිබඳව ජනමාධ්‍යවල දැන්වීම් පළකළා. මේ අනුව පාවෙන ගෑස් ගබඩා පද්ධතිය සහ නළ පද්ධතිය වෙන්වෙන්ව ටෙන්ඩර් කැඳවලා තිබුණා. එහි ඉල්ලුම්පත්‍ර ලබාගැනීමට රු. ලක්‍ෂ 2ක තැන්පතුවක් ලබාගත්තා. ජූලි 18 වැනි දිනට පෙර ලංසු ඉදිරිපත් කළ යුතුව තිබුණා. එහෙත් බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා මෙම ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් නොකළ නිව් පෝට්‍රට් එනර්ජි නම් ඇමරිකානු සමාගමට කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක්, ගෑස් ගබඩා පද්ධතිය සහ නළ පද්ධතිය ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගත්තා.

මෙය කිසිසේත්ම පිරිසිදු ගනුදෙනුවක් නෙවෙයි. එම ඇමරිකානු සමාගමට අවශ්‍ය නම් ටෙන්ඩරයට ඉදිරිපත් විය හැකිව තිබුණා. නමුත් එයට ඉල්ලුම් නොකළ සමාගමකට ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්‍ෂ විසින් ලබාදී තිබෙනවා. බැසිල්ට තිබෙන්නේ කළු ඉතිහාසයක්. ඔහු මුදල් ඇමති වෙන විටම සමාජය තුළ මේ සාකච්ඡාව මතුවුණා. එම සමාගමටම වසර 5ක් යන තෙක් ගෑස් මිලදී ගැනීමද ටෙන්ඩරයකින් තොරවම ලබාදී තිබෙනවා. එසේම කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකරන වෙනත් ඕනෑම බලාගාරයකට ගෑස් ලබාදීමේ බලයත් මෙම සමාගමට ලබාදී තිබෙනවා. ජනතාව ජීවන බරින් මිරිකී සිටිනවා. ඊට රට මත පැටවී ඇති දැවැන්ත ණය බරත් වගකිව යුතු වෙනවා. ණය අපරාධයක් නොවුණත් ලංකාව ලබාගත් ණයවලින් රට තුළ අවශ්‍ය වත්කම් ගොඩනැගුණේ නැහැ. එහි තේරුම වංචා-දූෂණ ලෙස විශාල පංගුවක් දේශපාලකයින් අතට පත්වූ නිසයි. සැබවින්ම ආණ්ඩුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම සමාගමට කෙරවලපිටිය පවා දෙන්නේ ඇයිද යන්න රටට පැහැදිලි කළ යුතුව තිබෙනවා.

කෙරවලපිටිය බලාගාරයට අදාළ කැබිනට් පත්‍රිකාව 2021.09.06වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් රැස්වීමට දවස් තුනකට පෙර ඇමතිවරයා අතට පත් වුණත් මෙම කැබිනට් පත්‍රිකාව එලෙස ඉදිරිපත් කළේ නැහැ. අතිරේක පත්‍රිකාවක් ලෙස රැස්වීම අවස්ථාවේම ඉදිරිපත් වුණා. ඒ මොහොතේම ඊට අනුමැතියත් ලබාගත්තා, ඇතැම් ඇමතිවරුන්ගේ විරෝධතා මධ්‍යයේ. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව එහිදී ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් එයි කිසිම තේරුමක් නැහැ. සාමාන්‍යයෙන් සිදුවන්නේ ගිවිසුම සකස් කර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසු අත්සන් තැබීමයි. නමුත් මෙහිදී සිදුවුණේ එහි අනෙක් පැත්තයි. ඒ අනුව පසුගිය 17වැනිදා මධ්‍යම රාත්‍රී 12.06ට මෙම ගිවිසුම අත්සන් තබා තිබෙනවා. ඒ සඳහා සමාගමෙන් සහභාගී වූ විදේශිකයා පාන්දර 2 පමණ තිබූ ගුවන් යානයෙන් ඇමරිකාවට ආපසු ගියා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇමරිකාවට ගියේ ඉන් පසුවයි.

මේ පාලකයන් බලයට ආවේ විකිණූ හම්බන්තොට වරාය ආපසු ගන්නා බව කියමිනුයි. ඔවුන් එවැනි පිරිසක් නොවන බව අපිනම් දැන සිටියා. හම්බන්තොට වරායට බදු සහන ලබාදෙන පනතට විරුද්ධව ඡන්දය දෙන්න රාජපක්‍ෂවරුන් සහ ඔවුන්ගේ හිතවතුන් පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඔවුන් ඡන්දයට පෙර ජනතාවට කී කිසිවක් කළේ නැහැ. ඔවුන් හක්කේ බුදුරැස්- බොක්කේ දඩමස් තිබෙන අය. අද අපේ රටේ බලශක්ති ක්‍ෂේත්‍රයේ අයිතිය ඇත්තේ කාටද යන්න මත රටේ අනාගතය තීරණය වෙනවා. ගෝඨාභය, මහින්ද, බැසිල් චමල්, නාමල් පවුල් කැබිනෙට්ටුව විසින් බලශක්ති ක්‍ෂේත්‍රය ඇමරිකාවට පවරා තිබෙනවා. වැදගත්ම කරුණ වන්නේ කොවිඞ් තත්වය තුළ ජනතාවට ඊට විරෝධය පළකළ නොහැකි වාතාවරණයක් තුළ මෙම ගනුදෙනුව සිදුවීමයි.

කෘෂිකර්මය රටේ ආර්ථිකයේ වැදගත් අංශයක් මෙන්ම උරුමයක්ද වෙනවා. ලංකාවේ ශිෂ්ඨාචාරයේ මුල් බිම් පදනම් වන්නේ කෘෂිකර්මය ආශ්‍රිතවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපිට දියුණු වාරි ශිෂ්ඨාචාරයක් උරුම වුණා. ශ්‍රම බලකායෙන් 27%ක් කෘෂිකර්මයේ නියැලී සිටිනවා. ජාතික නිෂ්පාදනයෙන් 7%ක් කෘෂිකර්මය නියෝජනය කරනවා. අපනයනයන්ගෙන් 25%ක් කෘෂිකර්මය මත පදනම් වූ කර්මාන්තයි. මේ තත්වය තුළ කෘෂිකර්මය සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ගැඹුරින් සිතා බැලීමෙන් අනතුරුවයි. නමුත් ආණ්ඩුව සහ ඇමතිවරුන් මොළයෙන් කල්පනා කිරීමෙන් නොව ඇඟේ හයියෙන් තීරණ ගන්නේ. ඔවුන් වරෙක වී මෝල් මාෆියාව බිඳින බව කීවා. නමුත් වැටලීමකින් පසු ඔවුන් රැගෙන ආවේ හාල් කිලෝ ලක්‍ෂ 08ක් පමණයි. රටේ දෛනික සහල් පරිභෝජනය හාල් කිලෝ ලක්‍ෂ 60ක් පමණ වන තත්වයකදී මෙය විහිළුවක්. එසේම ඔවුන් වී මිලදී ගැනීමේදී සහතික මිලක් වෙනුවට පාලන මිලක් දැම්මා. සහතික මිලක් දැම්මා නම් එය අවම මිල ලෙස පවත්වා ගනිමින් ගොවින්ට වැඩි මිලකට වී විකිණිය හැකිව තිබුණා. නමුත් මෙයින් කියන්නේ රු. 50ට වැඩියෙන් මිලදී ගැනීමට නොහැකි වීමයි. දැන් ගොවීන්ගේ වී වෙළෙඳුන්ට විකුණා අවසන් වූවාට පසුව වී මිල කිලෝවකට රු. 55ක් කර තිබෙනවා. ගොවියාට ලැබිය යුතු මිල අහිමි වෙනවා.

වී වගාවේදී බීජ සමග වල් පැලෑටිවලට අදාල බීජත් ඇතුල් වෙනවා. ඒවා මර්දනය කිරීම සඳහා වල් නාශක භාවිතා කෙරුණා. සාම්ප්‍රදායික වගාවේදී කුඹුරට මාසයක් පමණ වතුර ලබා දෙනවා. වතුර බැඳ තැබුවාම වල් කුණු වෙනවා. නමුත් මහවැලියේ වතුර දෙන්නේ සති දෙකයි. ඒ නිසා සාම්ප්‍රදායික වල් නාශක ක්‍රම ඔවුන්ට භාවිත කරන්න බැහැ. ඔවුනට මෙවර වල් ගැලවීම සඳහා අමතර වියදම් දරන්න සිදුවුණා. බොහෝ දෙනෙකුට වගාව සඳහා යටකළ මුදලවත් අස්වැන්නෙන් ලබාගත නොහැකි වුණා.

රසායනික යෙදවුම් නොමැතිවීම තුළ තේ කර්මාන්තයද බිඳ වට්ටලා තිබෙනවා. කුඩා තේ වතු හිමියන් බොහෝ දෙනෙකුගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ තේ වගාවයි. රසායනික පොහොර භාවිතය නතර කර කාබනික පොහොරවලට යොමුවිය යුතු බව කීවේ තේ වගාව වැනි බෑවුම් පොළොවක කාබනික පොහොර යෙදවීම පිළිබඳව සොයා බැලීමකින් තොරවයි. එසේම බඩඉරිඟු වගාව අභියෝගයකට මුහුණපා තිබෙනවා. එම බීජවලට රසායනික යෙදවුම් අවශ්‍යයි. සාමාන්‍යයෙන් වසරකට බඩඉරිඟු මෙ.ටොන්. 1500ක් ආනයනය කරනවා. නමුත් වගාව සම්බන්ධ අවිනිශ්චිතකම නිසා මෙවර ගෙන්වා ඇත්තේ බීජ මෙ.ටොන් 600යි. දැන ගන්නට තිබෙන අන්දමට එයිනුත් විකිණී තිබෙන්නේ මෙ.ටො. 150ක් පමණයි. මෙයින් පෙනී යන්නේ බඩඉරිඟු වගාව සම්බන්ධව ගොවීන් තුළ ඇති අවිනිශ්චිතතාවයි. මෙය ආහාර නිෂ්පාදනයට සෘජු ලෙසම බලපානවා. රට තුළ බඩඉරිඟු නිෂ්පාදනය නතර වුවහොත් ගෙන්වීමට රටට ඩොලර් පවා නැති තත්වයක මෙය අතිශය බරපතළයි. මේ අනුව කෘෂිකර්මාන්තය දැවැන්ත අනතුරක තිබෙනවා.

අවසානයේ ආණ්ඩුව කාබනික පොහොර නිෂ්පාදනය ගොවීන් ලක්‍ෂ 2ක් ගොඩනගන බව කීවා. ගොවියෙකුට රු. 210,000ක් ලබාදෙන බව කීවා. ජනමාධ්‍යවල දැන්වීම් පළ කළා. ඉන් පසුව ගොවීන් සංඛ්‍යාව ලක්‍ෂයකට අඩු කරන බව කීවා. ඔවුන්ට රු. 150,000 බැගින් ලබාදෙන බව කීවා. පසුව ගෝවීන් ලක්‍ෂය 10,000ට අඩුවුණා. එම ගොවින්ට රු. 110,000 ගානේ ලබා දෙන බව කීවා. අවසානයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයට එක ගොවියෙකුට දෙන බව කීවා. රටේ ගොවිජන සේවා මධ්‍යස්ථාන තියෙන්නේ 560ක් විතර. ගොවීන් ලක්‍ෂ දෙකෙන් පටන් ගෙන 560 දක්වා අඩුවුණේ මෙහෙමයි.

දැන් කාබනික පොහොර නිෂ්පාදනය කර ගන්න බැරි නිසා ආනයනය කරන්නට සිද්ධ වෙන බව කීවා. අපේ රටේ ශාක නිරෝධායන පනත අනුව කාබනික පොහොර ආනයනය කරන්න බැහැ. ඒ සඳහා පර්යේෂණවලට වසර දෙකක පමණ කාලයක් ගතවෙනවා. ඒ නිසා ආණ්ඩුව ආනයනය කිරීම සඳහා වෙනම ප්‍රතිපත්තියක් හදන්න කීවා. ඇත්තටම ආණ්ඩුව ඡන්ද කාලෙදි කීවේ රසායනික පොහොර නොමිලේ දෙන බවයි. පසුගිය අප්‍රේල් මුල රසායනික පොහොර ආනයනය නතර කළා. ඒ, මේ බලපෑම පිළිබඳව කිසිදු ගණන් බැලීමක් කළේ නැහැ. එය පසුගිය යළ කන්නයට බලෑවේ නැත්තේ ඒ වනවිටත් බොහෝ වගා කටයුතු ආරම්භ වී තිබුණු නිසයි. නමුත් දැන් මහ කන්නය ආරම්භ වෙමින් තිබෙනවා. තමන්ගේ ගොවිතැන් පිළිබඳව ගොවීන් අසරණ වී තිබෙනවා. ඔවුන්ගේ අස්වැන්න සම්බන්ධයෙන් ඔවුන්ට තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්. ගොවීන්ට ගොවිතැන එපා කරවා එම ගොවි බිම් ආණ්ඩුවේ හිතවතුන්ට ලබාගැනීමේ අදහසකුත් මේ පිටුපස තිබිය හැකියි. 2021.08.05වැනි දින මහින්දානන්ද කෘෂිකර්ම ඇමතිවරයා කාබනික පොහොර ආනයනය සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. කාබනික පොහොර ආනයනය මගින් වෙනත් රටවල ක්‍ෂුද්‍ර ජීවීන් මෙරටට ඇතුල්විය හැකි බව පර්යේෂකයන් අනතුරු ඇඟවූවා. නමුත් ආණ්ඩුව චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරීමට අනුමැතිය ලබාගත්තා.

ආක්‍රමනික ශාඛ, ක්‍ෂුද්‍ර ජීවීන් ඇතුල්වීම වැළැක්වීමට ශාක නිරෝධානයන පනත ක්‍රියා කරනවා. ආණ්ඩුව විසින් ආනයනය කිරීමට නියමිත පොහොර සාම්පල්වල ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බව වාර්තා කර තිබෙනවා. මේ සාම්පලය ජීවානුහරණය කර නොමැති බව එම වාර්තාවේ සඳහන් වෙනවා. දැන් ඇමතිවරයා එම සාම්පලය අවිධිමත් යැයි සී.අයි.ඩී.යට යන බවට තර්ජනය කරනවා. හානිකර ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බව සොයාගත් ආයතනය වංචා කළ බවට චෝදනා කරනවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ කෙසේ හෝ චීන සමාගමට මෙම ටෙන්ඩරය ලබාදීමටයි. ජනාධිපතිවරයා මෙම තීන්දුව ගනිද්දී බරපතළ ලෙස සලකා බැලිය යුතුව තිබුණා. නමුත් ආණ්ඩුව තීන්දුව අරන් තිබෙන්නේ මොළෙන් නොව ඇඟෙනුයි. මුළු කෘෂි කර්මාන්තය අනතුරට පත්වී තිබෙන්නේ මේ තත්වය තුළයි.

 

Post Views: 2
Previous Post

මාතලේ රෝහලේ නම යොදා මුදල් එකතු කිරීම් ගැන පැමිණිල්ලක් – රෝහල් අධ්‍යක්ෂ

Next Post

විරකැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

editor

editor

Next Post

විරකැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved