විශාල වෙනසක් කරන බවටත්, වසර 76ක සාපයෙන් රට ගලවන බවටත් පොරොන්දු දී බලයට පත් වූ වත්මන් රජය අද වන විට ජනතාව වෙනුවෙන් කිසිවක් කර නොමැති බව හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
විදුලි බිල 18%කින් වැඩි කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම බිල වැඩිවීම ජනතාවගෙන් 90%කට බලනොපාන බව කීම විහිළුවක් බවයි. සාමාන්‍ය නිවසක විදුලි පංකාවක් (Fan) භාවිතා කළත් මෙම බිල වැඩිවීම අනිවාර්යයෙන්ම බලපාන බව ඔහු පෙන්වා දුන්නේය.
රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව අදහස් දක්වමින් රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය:
“ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවයක් තිබූ අපේ රට අද අප්‍රිකාවේ දිළිඳු රටවල් හා සමාන තත්ත්වයකට පත්වෙලා. මගේ කාලයෙන් පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක ගඩොලක්වත් අලුතින් තියලා නැහැ. බඩු මිල අඩු වුණේ නැහැ, අලුත් ව්‍යාපෘති නැහැ. ජනතාවට අද ලැබුණු කිසිම සහනයක් නැහැ.”
පසුගිය කාලයේ රජය යම් වෙනසක් කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු තබාගෙන සිටියද, අද වන විට එම විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















