• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් සිංගප්පුරුවට

6 July 2018
in සංවර්ධන

සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.

ඒ, ලබන ඉරිදා (08) පෙරවරුවේය.

අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ දී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ගරු ලී ශින් ලූං (Hon Lee Hsien Loong), නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ගරු තර්මන් ෂන්මුගරත්නම් (Hon Tharman Shanmugaratnam), සිංගප්පූරු හිටපු අග්‍රාමාත්‍ය හා ගෝ චොක් ටොන් (Hon Goh Chok Tong) යන මහත්වරු ඇතුළු සිංගප්පූරු ආණ්ඩුවේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද හමුවනු ඇත.

ජුලි 9 වන දා ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසියේ දී “නාගරික සංවර්ධනය සහ පරිසරය සුරැකීම” මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වනුයේ ද වික්‍රමසිංහ මහතාය.

මෙවර සමුළුවේ තේමාව වන්නේ “නවෝත්පාදන සහ සහයෝගිතාව තුළින් අනාගතයට සුදුසු තිරසාර නගර ඇති කිරීම” වන අතර මනා පරිපාලනය සහ සැලසුම්කරණය, තාක්‍ෂණය සහ සමාජයීය නව නිපැයුම් මෙන්ම අනෙකුත් නගර සහ කොටස්කරුවන් සමග මනා සම්බන්ධතා ගොඩනගා ගැනීම තුළින් ජීවත්වීමට සුදුසු නගර නිර්මාණය කරගැනීම පිළිඳව මෙහිදී අවධානය යොමු වනු ඇත.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංවර්ධන උපාය මාර්ග සහ ජාතන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ද මේ සංචාරයට එක්වෙති.

 

Post Views: 9
Previous Post

අපි අරිනවාට වඩා ඔයාලා ඇරගන්න එක හොඳයි

Next Post

මට ඇඟ බේරගන්න තිබ්බා – මම කැපවීමක් කළා

editor

editor

Next Post

මට ඇඟ බේරගන්න තිබ්බා - මම කැපවීමක් කළා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved