පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භාවිතා කරමින් අධිකරණයේ විභාග වු නඩු විභාගයේ තීන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීම යුක්ති සහගත නොවන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ඇති වු විවාදයේදී.
එහිදී ලාන්සා මන්ත්‍රීවරයා කියා සිටියේ රන්ජන් රාමනායක මහතා හැමගහටම කොටන්න ගිය කොට්ටෝරුවාට සිද්ධ වු දේම සිද්ධ වී ඇති බවයි.
ඒ කෙසේ වෙතත් රටේ විධායකයට, ව්‍යාවස්ථාදායක සභාවට අධිකරණයට අපහාස කල අයෙකු නිවැරදි පුද්ගලයෙකු යැයි පැවසිම නොකල යුත්තක් බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.