රත්මලාන කඳවල පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගො ඇත්තේ රත්මලාන ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි. වෙඩි තැබීම සිදු කර පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
















