බිබිල, රතුගල ආදිවාසී ගම්මානයේ වසර 21ක් පුරා නායකත්වය හෙබවූ දානිගල මහබණ්ඩලාගේ සුදාවන්නිල ඇත්තන්ගේ (62) අභාවය වෙනුවෙන් ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා අද (08) සිය අවසන් ගෞරවය පුද කළේය.
2005 වසරේ සිට පවුල් 150කට අධික සංඛ්‍යාවකට මඟ පෙන්වමින් රතුගල ගම්මානයේ දියුණුව වෙනුවෙන් සහ ආදිවාසී ජනතාවගේ අයිතීන් දිනා දීම වෙනුවෙන් ඒ මහතා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය. රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන් සමඟ සමීපව කටයුතු කරමින් සිය ප්‍රජාවගේ ගැටලු ලෝකය හමුවට ගෙන යාමට ඔහු නිරන්තරයෙන් කැප වූ නායකයෙකි.
සුදාවන්නිල ඇත්තන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෞරාණික ආදිවාසී චාරිත්‍ර වාරිත්‍රයන්ට අනුකූලව හෙට, එනම් මැයි මස 09 වන දින රතුගල ගම්මානයේදී සිදු කිරීමට නියමිතය.














