රත්මලානේ පිහිටි බෝඩිමකදී බෝඩිම් හිමි කාන්තාවක් විසින් එහි නවාතැන් ගෙන සිටි පිරිසකට සිදු කළ අමානුෂික හා නින්දිත හැසිරීමක් පිළිබඳ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.දවසේ වැඩි කාලයක් රැකියාව සඳහා කැප කර පසුව රෑ බෝවී බෝඩිමට පැමිණෙන තරුණ පිරිසකට එම කාන්තාව විසින් ලබා දී ඇති මානසික පීඩනය සහ අසාධාරණයයි. රෑ 10න් පසු ස්නානය කිරීම හෝ බාත්රූම් භාවිතය තහනම් කිරීම මෙන්ම, ආලෝකය දැල්වීම සම්බන්ධයෙන් පවා එම කාන්තාව පිරිසට දොස් පවරා ඔවුන්ගේ අවම අයිතිය උල්ලංඝනය කර ඇති අතර, මුදල් ගෙවා දින 12ක් පමණක් ගත වුවද රෑ 10ට ස්නානය කිරීමට උත්සාහ කිරීම වැනි කරුණක් මුල් කරගනිමින් අමානුෂික ලෙස ඔවුන්ගේ බඩු බාහිරාදිය සාලයට විසි කරමින් නිවසින් පන්නා දැමීම මගින් ඇයගේ පහත් ක්‍රියාකලාපය මනාව පෙන්නුම් කරයි. මෙවැනි සිදුවීම් හරහා බෝඩිම් හිමියන්ගේ අත්තනෝමතික ක්‍රියාපිළිවෙත් සහ රැකියා සඳහා දුර බැහැර සිට කොළඹට පැමිණෙන තරුණ පිරිස් මුහුණ දෙන අසරණභාවය මනාව පැහැදිලි වන අතර, මෙය කිසිසේත්ම අනුමත කළ නොහැකි, මානුෂීය ගුණාංගවලින් තොර පහත් ක්‍රියාවක් බව සමාජ මාධ්‍ය පරිශීලකයින් දැඩි ලෙස විවේචනය කරමින් සිටී.
















