මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් සංචාරක පැමිණීම් අඩුවීමත් සමඟ, මෙම වසරේ පළමු භාගය තුළ සංචාරක ඉපැයීම් 11.8%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අගෝස්තු මාසය සඳහා වූ මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කළ අතර, එහිදී වැඩිදුරටත් දැක්වුණේ මෙම වසරේ ජූනි මාසය වන විට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 23.2ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 4.6ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
















