රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ වැල්අඳුර නගරයට ආසන්නයේදී අද (10) පස්වරුවේ ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක් අනතුරට පත්ව තිබේ. මෙම බිහිසුණු රිය අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
කොළොන්නාවේ සිට ඇඹිලිපිටිය බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ මෙම බවුසර් රථය, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇත. ගැටීමේ බලපෑම හේතුවෙන් පාලනයෙන් ගිලිහී ගිය ඉන්ධන බවුසර් රථය මාර්ගයෙන් ඉවතට පැන, ඒ අසල පිහිටි නිවසක් මතට කඩා වැටී ඇති බව ද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.















