රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය. එහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, වත්මන් රජය යටතේ රටේ සැමට සමානව නීතිය ක්‍රියාත්මක වීම දේශපාලන වශයෙන් අනාථ වී සිටින විපක්ෂයට දැඩි ගැටලුවක් වී ඇති බවයි.
















