සෞභාග්‍යා නිශ්පාදන ගම්මාන වැඩසටහන යටතේ රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කිතුල් නිෂ්පාදන කරුවන් 150 දෙනෙකු සඳහා උපකරණ හා භාණ්ඩ බෙදා දීම මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි,රත්තොට ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපති රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සිදු කෙරුණි.
රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කිතුල් ආශ්‍රිත නිශ්පාදන ගම්මාන 23 ක් ක්‍රියාත්මකවේ
ඒ අනුව මුවන්දෙනිය,පල්ලේයාය,වැටස්යාය,ගන්සරපොළ,නෙළුවාකන්ද,පිටකන්ද,එපිටමුල්ල,කොස්වාන දකුණ,හොරගොල්ල,බෝධිකොටුව,කුරුවාව,පොල්වත්තාකන්ද,අළකොළමඩ,මැදවත්ත,දන්කන්ද,මඩකුඹුර,බඹරකිරිඇල්ල,කොස්වාන උතුර,දඹගොල්ල,උඩගම,කොස්වාන දකුණ සහ බණ්ඩාරපොල යන වසම්වල ප්‍රතිලාභින් සඳහා මෙම ස්වයං රැකියා උපකරණ ප්‍රදානය සිදුවිය.
ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 56.70කි. සමෘද්ධි,ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය,ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මගින් අදාල ප්‍රතිපාදන සැපයිණි.
උකුවෙල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති,රත්තොට ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති සමන්ත ධර්මසේන සහ රත්තොට ප්‍රාදේශිය සභා සභාපති කුමාරසේන තෙන්නකෝන් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්වූහ.
රත්තොට ප්‍රාදේශිය ලේකම් රිෂ්මිනා රියාල්දීන් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්වූහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න














