උඩවලව ජලාශයෙන් දින දෙකක් තුළ කිලෝග්‍රෑම් 35,000කට අධික මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට සමත් වූ බව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පවසයි. ඉකුත් මැයි 09 සහ 10 යන දෙදින තුළ සිදුකළ මෙම මත්ස්‍ය අස්වනු නෙළීමෙන් රුපියල් එක්කෝටි නව ලක්ෂ නවදහස් තුන්සිය අනූ තුනක (10,909,393) වාර්තාගත ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබේ.
මෙලෙස නෙළාගත් මත්ස්‍ය අස්වැන්නෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කරවල නිෂ්පාදනය සඳහා මීගමුව ප්‍රදේශය වෙත ප්‍රවාහනය කිරීමට ද පියවර ගෙන ඇත. අභ්‍යන්තර මත්ස්‍ය කර්මාන්තය නංවාලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ මෙම සාර්ථක අස්වැන්න නෙළා ගැනීමට හැකි වී ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.














