• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෞද්ගලික සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය ගැන ත්‍රෛපාර්ශවිය කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

18 July 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කර ගැනීම සඳහා වෘත්තීය සමිති, හාම්පුතුන්ගේ සම්මේලනය හා කම්කරු අමත්‍යාංශය යන ත්‍රෛපාර්ශවීය කමිටුව කලින් ගෙන තිබු තීන්දුව සමාලෝචනය කර යළි ඉදිරියට ගෙන ගොස් සැප්තැම්බර මාසය දක්වා දිර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලබාගත් බව විදේශ සබඳතා,නිපුණතා සංවර්ධන,රැකිරක්ෂා හා කම්කරු සබඳති ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(17) කම්කරු සබඳතා අමත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදි වැඩිදුරටත් අමාත්‍යවරයා මේ බව පැවසිය “ කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගතය ආරම්භවු අවස්ථාවේදී රටේම ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය අඩපණවි කොටසින් කොටස යළිත් ආරම්භ කිරීමට අප්‍රේල් මාසයේ අග හා මැයි මාසයේ මැදවන විට සාකච්ඡා රාශියක් සිදුකෙරුණා. එහිදි හාම්පුතුන්ගේ සම්මේලනය , වෘත්තීය සමිති නියෝජිතයින් හා කම්කරු අමත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව ඇතුළත්ව මේ ත්‍රෛපාර්ශවීය කමිටුව ඇතුළත්ව සේවකයින්ගේ සහභාගිත්ව ඇතිව සේවය යළි ආරම්භ කිරීම සඳහා. එම සාකච්ඡාව සාර්ථකව අපිට ඉදිරියට ගෙන යන්න හැකිවුණා. අපි මැයි මාසයේදී කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමත කළේ මෙම ත්‍රෛපාර්ශවීය එකඟතාවයයි. එහි සඳහන්වු පළමු කාරණය නම් කිසිම හේතුවක් මත සේවකයින් සේවයෙන් ඉවත් නොකළ යුතුයි කියන එකයි. ඒ වගේම ඒ සියලු දෙනාම වැටුප් ලේඛණයේ පවත්වාගෙන යායුතුයි. එමෙන්ම ආයතන ආරම්භ කිරීමේදි සෞඛ්‍ය අමත්‍යාංශය ලබාදෙන සෞඛ්‍යආරක්ෂිත මාර්ගෝපදේශයන් අනුව පවත්වාගෙන යෑමයි. සියලු සේවකයින් ආයතනයට එකවර කැඳවා ගැනීමේ ගටලු මතුවෙනවා නම් සාකච්ඡා කරලා නිවසේ සිට වැඩකටයුතු කරගෙන යෑමට ක්‍රියා කරලා ඒ අයට මාසිකව මූලික වැටුපෙන්භාගය හෝ මුලින් ගත් වැටුපෙන් 50%ක් හෝ රුපියල් දාහතර දහස්පන්සීයක් මුදලක් සේවක අර්ථසාධක හා සේවාභාරකාර අරමුදල්ද ඇතුළත්ව ගෙවන්න තීරණය වුණා. මේ ගැන ගැටලුවක් මතුවෙන්නේ නම් කම්කරු කොමසාරිස්ට කතා කරන්න හාම්පුතුන්ගේ සම්මේලනයට හා වෘත්තීය සමිතිවලට දැනුම් දුන්නා. එම කැබිටන් තීරණයේ ඇතුළත් කළා. ඒවනවිට යම් ආයතනයක් පෙරසේ සම්පූර්ණයෙන් සේවකයින් යොදාගෙන වැඩ කරනවා නම් එලෙස කටයුතු කරන්න එකඟතාවයක්ද පැමිණියා. එය ජූනි මාසයේ අවසානය දක්වා ක්‍රියාත්මක කරන්නත් යළි සමාලෝචනය කරන්නත් එකඟවුණා.
එය යළි සමාලෝචනය කරලා ජූලි , අගෝස්තු හා සැප්තැම්බර් යන මාස දක්වා ක්‍රියාත්මක කරන්න ඉකුත් මාසයේ (19) පැවැති ත්‍රෛපාර්ශවීය කමිටුවේදී, ජාතික කම්කරු උපදේශන සභාවේ රැස්වීමේදී එකඟතාවයකට පැමිණියා.මේ ගැන මම කැබිනට් පත්‍රිකාවක ඉකුත් (14) ඉදිරිපත් කොට අනුමත කරගත්තා. සැප්තැම්බර් මාසය දක්වා මෙය ක්‍රියාත්මක කිරීම සඳහා. මෙහිදි පරණ ගත්ත තීන්දුව එහෙමම ක්‍රියාත්මක වන අතර නමුත් විශේෂත්වයක් තියෙනවා ඇතැම් ආයතන ක්‍රියාකාරිත්ව වැඩිවි සම්පුර්ණ වැටුප් ගෙවාගෙන වැඩ කරගෙන යනවානම් ඒ කිසිවක් අඩුවෙන්නේ නැහැ.

සම්පුර්ණ වශයෙන් සේවකයින් සේවයේ යොදාගැනීමට බැරි තත්ත්වයක් තිබෙන ආයතන සඳහා තමයි මේ දිගු කිරීම සිදු කළේ. ඊට අමතරව විශේෂ ගැටලු මතුවෙන ආයතන සම්බන්ධයෙන් මැදිහත්වී සාකච්ඡා කොට එයට කටයුතු කිරීමට සමථයට පත් කිරීමේ ක්‍රියාවලිය තවත් ශක්තිමත් කරන්න අමත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රෛපාර්ශවීය කමිටුවක් සතිපතා රැස්වී කටයුතු කරනවා. අපේ අසල්වැසි රටවල් දෙස බලනවිට දහස් ගණන් ලක්ෂ ගණන් රක්ෂාවලින් මේ වසංගත සමය තුල රැකියා අහිමි කර තිබෙද්දි ශ්‍රී ලංකා රැකියා අරක්ෂා කිරීමට පුළුවන් වීම මේ ත්‍රෛපාර්ශවීය කමිටුවෙන් ලැබුණු අන්‍ය යෝන්‍ය විශ්වාසය හා සුහදතාවයත් , කාර්මික සාමය ආරක්ෂා කොට ආර්ථික ක්‍රියාකාරිත්ව අඛණ්ඩව ගෙන යෑමට පුළුවන්කම සඳහා කටයුතු කරන්න හැකිවි තිබෙනවා. එය තවදුරටත් ගෙන යෑමට මේ තීරණය ගත්තේ. ඉදිරියේදි නව ආණ්ඩුවක් යටතේ අයවැය ලේඛනයක් ගෙනැල්ලා මේ ප්‍රශ්නය තවත් සහනදායි තත්ත්වයකින් විසඳාගන්න හැකිවෙයි කියලා. අඛණ්ඩතාවයකින් වැඩකටයුතු කරන්න ආයතනවලට මේමගින් අවස්ථාව ලබාදී තියෙනවා.

සේවා මුර ලෙස සේවකයින්ට සේවය කරන්න ලබාදෙන ආයතනවල මෙම වැටුප් භාග ගැටලුව මතුවෙන්නේ නැහැ. මුල්‍ය අර්බුදයක් පත්වි තිබෙන ආයතනවලට 4%ක පොළියට ණයක් ලබාදීමට රජය තීන්දු කරලා තියෙනවා. එහිදි ආයතනය විවෘත කොට වැඩ ආරම්භ කරන්න තමයි රජය මෙම ණය මුදල ලබාදෙන්නේ. එහිදි ගැටලු මතුවෙන්නේ නැහැ. ආනයන, අපනයන හා අමුද්‍රව්‍ය සොයා බලා කටයුතු කරන්න පුළුවන්. වතු ක්ෂේත්‍රය කලින් පටන් ගත්තා, ධීවර ක්ෂේත්‍රය හා අපනයන කලාප වල සිටින අයට රට වසා තිබුණු කාලයේත් කටයුතු කරන්න අවස්ථාව ලබාදුන්නා.

මෙහිදි මතුවි තිබෙන ගැටලු ගැන කම්කරු කොමසාරිස් කාර්යාලයට හා කම්කරු ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණිලි ලැබෙනවා. ඒවා විසඳීමට කටයුතු කරමින් සිටිනවා ඇතැම් ප්‍රශ්න විසඳලත් අවසන්වෙලත් තියෙනවා. නිෂ්පාදන, වෙළඳපොළ විශේෂයෙන් විදෙස් වෙළඳපොළ නම් ගැටලු තියෙනවා. ඇතැම් ඇඟලුම් කම්හල් තම නිෂ්පාදන වෙනස් කොට එම නිෂ්පාදන දැනටමත් අපනයනය කරනවා. අමුද්‍රව්‍ය ප්‍රශ්න ඇතිවි තිබෙන නිසා අත්‍යාවශ්‍යම ආනයනන ගෙන්වා ගැනීමට කටයුතු ලිහිල් කරලා තියෙනවා. ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් මුලින් මස දෙකේ නීති මේවනවිට ලිහිල් කරලා තියෙනවා.

 

Post Views: 10
Previous Post

අනුරාධපුරේ අය ගම්පහ වගේ වෙන්න එපා – දුමින්ද කියයි

Next Post

කෑගල්ලේ නාය යාම් විපත් පාලනයට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනපති පවසයි

editor

editor

Next Post

කෑගල්ලේ නාය යාම් විපත් පාලනයට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනපති පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved