සෞදි අරාබි රාජ්‍යයේ රියාද් නගරයේ දී ඊයේ (30) වෙසක් දින සැමරුම් උත්සවයක් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ බව එහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති. බුද්ධාභිවන්දනා ආගමික වතාවත්, බත් දන්සලක් සහ වෙසක් භක්ති ගීත සංදර්ශනයක් ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී සංවිධානය කර තිබුණි. මේ සඳහා සෞදියේ රියාද් නුවර සහ ඒ අවට ප්‍රදේශවල රැකියා නියුතු ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව සිටි අතර, ඔවුන්ගෙන් ලැබුණු නොමසුරු සහයෝගය සහ දායකත්වය පිළිබඳව සංවිධායක මණ්ඩලය සිය කෘතඥතාව පළ කර සිටියි.















