• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාරවල් හරියට නඩත්තු වෙන්නේ නෑ – ජිවිත බිල්ලට

4 July 2018
in දේශීය

රට පුරා සිදුවන අවිධිමත් මාර්ග සංවර්ධනය හා නඩත්තුව හේතුවෙන් රටේ මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක් සිදුව ඇති බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේ පොලිසිය ද, ජනතාව ද, මේ කාරනා වේදී අන්ත අසරණ වී සිටින අතර නිසි පිලිවෙලකින් තොරව සිදුවන ඇතැම් මාර්ග සංවර්ධනය හා අවිධිමත් නඩත්තු හේතුවෙන් යතුරුපැදිකරුවන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් වසරකට අහිමි වන බවයි.

මාර්ග සංවර්ධනය හා නඩත්තුව පිළිබඳව සුදුසුකමක් හා උපකරණ නොමැති ආයතන හා පුද්ගලයන් වෙත එම කටයුතු වෙත කොන්ත්‍රාත් කිරීම හා එම සංවර්ධන හා නඩත්තු කටයුතු නිසියාකාරව නිරීක්ෂණය නොකිරීම මීට මූලික හේතු බව බව එම සංගමය අවධාරණය කර සිටි.

සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය මගීන් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත යොමු කළ සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

සභාපති,
මාර්ග සංවර්ධන අධිකාරිය,
කොස්වත්ත,
බත්තරමුල්ල.

ගරු. සභාපතිතුමනී,
රටේ අවිධිමත් මාර්ග සංවර්ධනය හා නඩත්තුව

රට පුරා සිදුවන අවිධිමත් මාර්ග සංවර්ධනය හා නඩත්තුව හේතුවෙන් රටේ මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවේ. පොලිසිය ද, ජනතාව ද, මේ කාරනා වේදී අන්ත අසරණ වෙති. මෙලෙස පිලිවලකින් තොරව සිදුවන ඇතැම් මාර්ග සංවර්ධනය හා අවිධිමත් නඩත්තු හේතුවෙන් යතුරුපැදිකරුවන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් වසරකට අහිමි වේ.

මාර්ග සංවර්ධනය හා නඩත්තුව පිළිබඳව සුදුසුකමක් හා උපකරණ නොමැති ආයතන හා පුද්ගලයන් වෙත එම කටයුතු වෙත කොන්ත්‍රාත් කිරීම හා එම සංවර්ධන හා නඩත්තු කටයුතු නිසියාකාරව නිරීක්ෂණය නොකිරීම මීට මූලික හේතු බවට අපි විශ්වාස කරමු. මීට කදිම නිදසුනක් B240 කෝට්ටේ – බෝපේ මාර්ගයේ සිදුව තිබේ (GPS location 6.8437725, 80.0736644). එහි ඡායාරූපක් පහතින් අමුණා ඇත.

1. මාර්ගයේ සංවර්ධන කටයුත්තක් නිසා මාර්ගයේ යම් බාධාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව මීටර් 200 ක දුරක සිට බාධකයට පෙර තුන් වරක් රියදුරන් දැනුවත් කල යුතුය. ඒ සඳහා අවදානම් පටි ප්‍රමාණවත් නොවන අතර, වර්ග අඩි 9 ක් ඉක්මවන අවදානම් පිළිබඳව සඳහන් කරනා පරාවර්තනය වන පුවරු එලෙස ප්‍රදර්ශනය කල යුතුය. එම බාධකය ඇති ස්ථානයේ එක් දිශාවකට නිවි නිවි දැල්වෙන පහන් දෙකක්වත් තිබිය යුතුයි. මෙය රටේ සම්මත නීතියක් විය යුතු බවට අපි යෝජනා කරමු.

2. 2018.06.25 දින පුද්ගලයෙකුගේ ජීවිතය අහිමි කෙරූ නාරහෙන්පිට රිය අනතුරේ දර්ශන හා ඒ පිළිබඳව අප කෙරූ නිරීක්ෂණය ඔබේ අවධානය වෙත අපි යොමු කරමු. එය වැඩි දියුණු කල දර්ශන වුවද මාර්ග පනින පුද්ගලයා පෙනීම එහිදීද ඉතාමත් දුෂ්කර විය.
දර්ශන හා නිරීක්ෂණය : https://www.facebook.com/ceylonma/videos/2095612240706630/

2.1. පදික මාරුවට පෙර අවදානම් කලාපය මංතීරු බෙදීමේ රේඛාව මගින් සඳහන් කර නොමැත (RM-43).

2.2. ප්‍රමාණවත් ආලෝකයක් එම පදික මාරුව අසල නොමැත.

2.3. 2015.11.12 වනදා අංක 1940/21 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් RM-36 දරණ පදික මාරුව පිළිබඳව දැනුවත් කිරීමේ කොටුව තිබුණ ද එය දුටු පමණින් එයට ඇස ගැටෙන සලකුණක් නොවේ, ඉන් පදික මාරුවක් වැනි වැදගත් දෙයක් හැඟෙන්නේ ද නැත. තවද, යම් සලකුණක් එක් වරක් නොව තුන් වරක් දැනුවත් කල යුතුයි. මිනිස් ස්වභාවය හා මාර්ග ස්වභාවය අනුව වේග සීමා ඇතුළු සියලුම පුවරු/සලකුණු තෙවතාවක් දැනුම් දිය යුතුය.

2.4. සමාජ ජාල තුල අප වෙත ලැබුණු තොරතුරු අනුව එම ස්ථානයේ මීට පෙරද අනතුරු සිදුව තිබේ.

3. අංක 1940/21 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් RM-36 වැනි මාර්ග සංඥා පිළිබඳව ජනතාව නිසියාකාරව දැනුවත් වී නොමැත.

4. මා ගමන් ගන්නා පාර්ලිමේන්තුව අසලින් යන (1) ජපන් මිත්‍රත්ව මාර්ගයේ දී ද, (2) ඇස් වාට්ටුව – මරදාන මාර්ගයෙ දී ද, පදික මාරුවට පෙර අවදානම් කලාපය මංතීරු බෙදීමේ රේඛාව මගින් සඳහන් කර නොමැත (RM-43).

5. මෙවන් තත්ත්වයන් ඇතිවීම වලකාලීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉතාමත් ගෞරවයෙන් අපි ඉල්ලා සිටිමු.

මෙයට,
චිරන්ත අමරසිංහ, සභාපති
පිටපත් :- සභාපති – මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, පොලිස්පති – ශ්‍රී ලංකා පොලිසිය, සියලුම මාධ්‍ය ආයතන

Post Views: 14
Previous Post

පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය 7 වනදා හොරණදී

Next Post

උඩගෙඩි දෙන අයට උපරිම දඩුවම් දෙන්න

editor

editor

Next Post

උඩගෙඩි දෙන අයට උපරිම දඩුවම් දෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved