ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) උදෑසන පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා, පැය පහකට ආසන්න කාලයක් එහි රැඳී සිට ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් ඇත.
මිරිහාන ප්‍රදේශයේ පිහිටි ආයතනයක සිදු කළ ආයෝජනයකට අදාළව පවතින විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් සටහන් කරගැනීම උදෙසා ඔහු අද උදෑසන කැඳවා තිබුණි.
















