ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2026 වර්ෂය සඳහා වන ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද (01) උදෑසන සුබ මොහොතින් සිදු කෙරිණි. දේවාල පරිශ්‍රයේ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම චාරිත්‍රය පැවැත්විණි.
කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක මහතා පවසන පරිදි, කප් සිටුවා දින 45ක් සම්පූර්ණ වන දිනයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වේ. ඒ අනුව ලබන ජූලි 15 වැනිදා සිට 29 වැනිදා දක්වා අති උත්කර්ෂවත් අන්දමින් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය.
පෙරහැර මංගල්‍යයේ අවසන් චාරිත්‍රය ලෙස ජූලි 30 වැනිදා දිය කැපීමේ මංගල්‍යය පැවැත්වෙන බව ද දේවාල පරිපාලනය සඳහන් කරයි.
















