ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග දිවයිනට පැමිණ තිබේ.
වර්ෂාව මධ්‍යයේ වුවද අභියෝගය අත්නොහැරි රුමේෂ් තරංග, සිය අවසන් උත්සාහයේදී හෙල්ලය මීටර් 88.55ක දුරක් විසි කරමින් මෙම ඓතිහාසික රන් පදක්කම ලක්මවට දිනාදුන්නේය. ඒ අනුව, ආසියාවම ජයගත් ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත උණුසුම් පිළිගැනීමක් සමඟින් පැමිණි බව වාර්තා වේ.
















