ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 89.75ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, “පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඔබේ රන් පදක්කම අපට සැබෑ කරවන්නේ රට දකින ස්වර්ණමය සිහිනයයි. රුමේෂ් තරංග ඔබට සුබ පැතුම්!” යනුවෙනි.














