අගෝස්තු මාසය ආරම්භ වීමත් සමඟම මෙරට රන් වෙළඳපොළේ රන් මිල ගණන් ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ. අද (අගෝස්තු 01) දිනට අදාළව කැරට් සහ පවුම් (ග්‍රෑම් 8ක්) අනුව රන් මිල ගණන් සටහන් වී ඇත්තේ පහත පරිදි ය.
කැරට් 24 (පවුම් 1ක් / ග්‍රෑම් 8ක්): මිලදී ගැනීමේ මිල රුපියල් 364,955ක් සහ විකුණුම් මිල රුපියල් 385,000ක් ලෙස දැක්වේ.
කැරට් 22 (පවුම් 1ක් / ග්‍රෑම් 8ක්): මිලදී ගැනීමේ මිල රුපියල් 334,335ක් සහ එහි විකුණුම් මිල රුපියල් 352,700ක් වන අතර, කැරට් 21 (පවුම් 1ක් / ග්‍රෑම් 8ක්) මිලදී ගැනීමේ මිල රුපියල් 319,320ක් සහ විකුණුම් මිල රුපියල් 336,870ක් ලෙස සටහන්ව ඇත.
එමෙන්ම, කැරට් 18 (පවුම් 1ක් / ග්‍රෑම් 8ක්) මිලදී ගැනීමේ මිල රුපියල් 273,750ක් සහ එහි විකුණුම් මිල රුපියල් 288,800ක් ලෙස වාර්තා වේ.














