රුසියානු හමුදා අද (16) අලුයම යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් එල්ල කළ දරුණු මිසයිල ප්‍රහාරයකින් 12 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ (Vitali Klitschko) තහවුරු කළේය මෙම ප්‍රහාරයෙන් සහන සේවකයන් ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර නගරයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සහ ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුව තිබේ
ප්‍රහාරය හේතුවෙන් කියෙව් නගරයේ ස්ථාන කිහිපයක විශාල ගිනි ගැනීම් හටගෙන ඇති අතර පීඩාවට පත් වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි කියෙව් අගනුවරට අමතරව ඩිනිප්‍රෝ (Dnipro) සහ කාර්කිව් (Kharkiv) යන නගරවලට ද රුසියාව විසින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් ද පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි රුසියානු-යුක්‍රේන යුද්ධය තවදුරටත් දරුණු වෙමින් පවතින පසුබිමක එල්ල වූ මෙම ප්‍රහාරය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇත














