රුසියාව විසින් යුක්‍රේනයේ අගනුවර වන කියෙව් (Kyiv) නගරය ඉලක්ක කර ගනිමින් ඊයේ (01) රාත්‍රියේ දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් විශාල පිරිසක් බරපතළ තුවාල ලබා ඇත. රුසියාව විසින් හිතාමතාම නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවට යුක්‍රේන බලධාරීන් චෝදනා කරයි.
ප්‍රහාරය හේතුවෙන් නේවාසික නිවාස, ගිලන්රථ මධ්‍යස්ථානයක් සහ හෝටලයක් ඇතුළු වැදගත් ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගිනිගෙන තිබේ. ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වේ.














