රුසියාව සහ යුක්‍රේනය අතර අන්‍යෝන්‍ය ප්‍රහාර නතර කර සටන් විරාමයක් ඇති කරගතහොත්, කළු මුහුද සහ අසෝව් මුහුද ආශ්‍රිත රුසියානු ධාන්‍ය අපනයන පර්යන්ත ධාරිතාවෙන් 80%ක් පමණ කඩිනමින් යළි ක්‍රියාත්මක කළ හැකි බව Reuters විශ්ලේෂණයකින් අනාවරණය වී තිබේ.
Reuters විසින් කර්මාන්ත දත්ත සහ පර්යන්ත මෙහෙයුම් පිළිබඳ දැනුවත් මූලාශ්‍ර හතරක තොරතුරු මත සිදුකළ විශ්ලේෂණයට අනුව, අදාළ කලාපයේ රුසියාවේ ප්‍රධාන ධාන්‍ය පර්යන්ත නවයක් ඇතුළු පහසුකම් කිහිපයක් සලකා බලා තිබේ. ප්‍රහාර හේතුවෙන් සමස්ත ධාන්‍ය අපනයන යටිතල පහසුකම්වලින් 20%කට පමණ දැඩි හානි සිදුව ඇති අතර, ඒවා යථා තත්ත්වයට පත් කිරීමට මාස කිහිපයක් ගතවිය හැකි බව සඳහන් වේ.
කළු මුහුදු ධාන්‍ය වෙළඳාම යළි ආරම්භ කිරීම සඳහා ධාන්‍ය ආනයනය කරන රටවල් සමඟ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩොගන් රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයක් මෙහෙයවමින් සිටින බව Reuters වාර්තා කරයි. යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ ඉන්දියාව, ඊජිප්තුව සහ මැදපෙරදිග රටවල් කිහිපයක්ද මෙම උත්සාහයට සම්බන්ධ වී ඇති බවයි.
මේ අතර, ක්‍රෙම්ලිනය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවතින බව පිළිගෙන ඇති නමුත්, මේ වනවිට රුසියාව සිය ධාන්‍ය අපනයනය සඳහා විකල්ප මාර්ග භාවිත කරමින් සිටින බව සඳහන් කර තිබේ. ප්‍රහාර ආරම්භ වීමට පෙර කළු මුහුදු මාර්ගය රුසියාවේ ධාන්‍ය අපනයනවලින් 70%ක් දක්වා ප්‍රමාණයක් හසුරුවා තිබූ බවද Reuters වාර්තා කරයි.














