රුසියාව සහ යුක්‍රේනය අතර සිදු වූ නවතම සිරකරු හුවමාරුව යටතේ දෙපාර්ශ්වයෙන්ම යුද සිරකරුවන් 103 දෙනෙකු බැගින් නිදහස් කර ඇති බව දෙරටේ නිලධාරීන් බදාදා (අගෝස්තු 19) තහවුරු කර තිබේ.
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මහතා ටෙලිග්‍රාම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙලෙස නිදහස් වී පැමිණි පිරිස අතර සන්නද්ධ හමුදා, රාජ්‍ය දේශසීමා ආරක්ෂක සේවය සහ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයින් ඇතුළත් වන බවයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්ටර්ෆැක්ස් (Interfax) පුවත් සේවයද රුසියානු සිරකරුවන් 103 දෙනෙකු නැවත භාරගත් බව වාර්තා කළේය.
වසර තුනක පමණ කාලයක් සිරගතව සිට යළි මව්බිමට පැමිණි විසි නව හැවිරිදි දිමිත්‍රෝ නමැති යුක්‍රේනියානු ජාතිකයා, රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තවදුරටත් සිරගතව සිටින අයට බලාපොරොත්තු අත්නොහරින ලෙසයි. මේ අතර, මෙම මස අවසන් වීමට පෙර තවත් සිරකරු හුවමාරුවක් අපේක්ෂා කරන බව යුක්‍රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානී ඔලේ ඉවාෂ්චෙන්කෝ (Oleh Ivashchenko) ප්‍රකාශ කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














