රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ උප සභාපති ඇන්ටන් මොරොස් මහතාගේ නායකත්වයෙන් යුත් 24 දෙනෙකුගෙන් සමන්විත උසස් පෙළ ව්‍යාපාරික දූත පිරිසක් මෙරට නිල සංචාරයක නිරත වී තිබේ.
මෙම නියෝජිත පිරිස ඊයේ (23) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ යන මහත්වරුන් හමු වූහ. මෙරට යටිතල පහසුකම්, නාගරික සංවර්ධනය සහ සංචාරක ක්ෂේත්රයේ ආයෝජන අවස්ථා පිළිබඳව මෙන්ම ශ්‍රී ලාංකික ඉදිකිරීම් ක්ෂේත්රයේ වෘත්තිකයන්ට රුසියාව තුළ රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE), නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ ආයෝජන මණ්ඩලය (BOI) සමඟ සාර්ථක සාකච්ඡා පවත්වා ඇත.













