රුසියානු ඩ්රෝන සහ මිසයිල ප්රහාර හේතුවෙන් යුක්රේනයේ අවම වශයෙන් පුද්ගලයන් ලක්ෂ 6කට වැඩි පිරිසකට විදුලිය අහිමි වී ඇති බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි.
රුසියාව සහ යුක්රේනය අතර බලශක්ති සටන් විරාමයක් ක්රියාත්මක වන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉරිදා ප්රකාශ කළද, කියුව් අගනුවර සහ ඊසානදිග කාර්කිව් නගරයේ තීරණාත්මක බලශක්ති යටිතල පහසුකම් මෙම ප්රහාරවලදී ඉලක්ක කර ඇති බව සෙලෙන්ස්කි සඳහන් කළේය. කියුව් නගරයේ සිදුවූ ප්රහාරවලින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේන හදිසි සේවා දෙපාර්තමේන්තුව පවසයි. යුක්රේන හමුදාව භාවිත කරන සන්නිවේදන සහ බලශක්ති පහසුකම් ඉලක්ක කරමින් මෙම දැවැන්ත ප්රහාර දියත් කළ බව රුසියානු ආරක්ෂක අමාත්යාංශය තහවුරු කර ඇති අතර, මෙරට ප්රදේශ රැසකට උඩින් යුක්රේන ඩ්රෝන යාත්රා 902ක් බිම හෙළූ බවද මොස්කව් නගරය සඳහන් කරයි.
















