අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 171ක් මේ වන විට සූදානමින් සිටින බව ශ්රී ලංකා නාවික හමුදාව පවසයි.
ඒ අනුව ඊයේ (14) උදෑසන වන විට ආපදා සහන කණ්ඩායම් පහක් (05) මධ්යම සහ සබරගමුව පළාත් තුළ ස්ථානගත කර තිබේ. බටහිර නාවික විධානය මඟින් නාවලපිටිය ප්රදේශයේ එක් කණ්ඩායමක්, ගම්පොළ ප්රදේශයේ එක් කණ්ඩායමක් සහ රත්නපුර ප්රදේශයේ කණ්ඩායම් තුනක් වශයෙන් මෙම සහන කණ්ඩායම් අවශ්යතාව මත යෙදවීම සඳහා ස්ථානගත කර ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.
















