නිරාගමික පිරිසකට බලය ලබාදුන් පසු, බුද්ධාගම පමණක් නොව සියලුම ආගම් විනාශ වීමට නියමිත යැයි මතක තබාගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පවසයි.
ඊයේ (12) පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්රීවරයා සඳහන් කළේ, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් සඳහන් වී තිබෙන කාරණාවලට අමතරව, කුමන චක්රලේඛයක් තිබුණත් ඒවා ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් යටපත් වන බව සිහියේ තබාගත යුතු බවයි. එසේම, ‘සමාව’ යන වචනය ලෝකයේ තිබෙන ඉතාම වැදගත් වචනයක් වුවද, නිරාගමික පාලකයන් විසින් මෙය අවබෝධ කර ගැනීමට අපොහොසත් වී ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















