විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්‍රයෙන් හෝ විනිසුරුවරුන්ගෙන් මෙතෙක් කිසිදු නිල විරෝධයක් රජයට ලැබී නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළව විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ලැබී ඇති නමුත් රජය ඒ පිළිබඳව මෙතෙක් නිල වශයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
අධිකරණ ක්ෂේත්‍රයේ විරෝධයක් පවතින බවට ඇතැම් වාර්තා පළ වුවද, අධිකරණ සේවා සංගමය පසුගියදා රැස්වූයේ නිසි ගණපූර්ණයකින් තොරව බව මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. එබැවින් එවැනි කිසිදු විරෝධතාවක් නිල වශයෙන් රජය වෙත ඉදිරිපත් වී නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටී.
















