රජයකට ජනතා ආශීර්වාදය හිමිවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට මිස එය විනාශ කිරීමට නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේ, වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනවා වෙනුවට ඒකාධිපති ආඥාදායකත්වයක් සහ එක් පක්ෂයක පාලනයක් කරා රට ගෙනයමින් සිටින බවයි.
‘ක්‍රමයේ වෙනසක්’ ඇතිකරන බව කියමින් බලයට පැමිණි මාලිමා රජය මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය කඩාකප්පල් කරමින් සිටින බවත්, පුරප්පාඩුව පවතින ශ්‍රේෂ්ඨාධිකරණ තනතුරු සඳහා පවා සුදුස්සන් පත්කිරීමට රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් චෝදනා කළේය.















