ශ්‍රී ලංකා ආදිවාසි උරුමය, සංස්කෘතිය සහ අනන්‍යතාව ආරක්ෂා කරමින් රතුගල ආදිවාසි ප්‍රජාව වෙනුවෙන් දිගුකලක් කැපවී සුවිශේෂී සේවාවක් ඉටු කළ දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තන්ගේ හදිසි අභාවය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේදී සිය සාතිශය සංවේගය පළ කළේය.
විපක්ෂ නායකවරයා සිය ශෝක ප්‍රකාශය ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ සුදා වන්නිල ඇත්තන්ගේ අභාවය රතුගල ආදිවාසී ප්‍රජාවට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම පිරවිය නොහැකි පාඩුවක් බවයි. දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන බව ද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.














