දිවයිනේ පළාත් අටක සහ වවුනියා දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද (07) පස්වරුවේ සිට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද, වයඹ, දකුණ, බස්නාහිර සහ නැගෙනහිර යන පළාත්වලත්, වවුනියා දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල පස්වරු 1.00 න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතී. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා එළිමහන් ස්ථානවල හෝ ගස් යට රැඳී නොසිටින ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














