අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ‘සම්භාෂා’ ශාස්ත්‍රීය සංග්‍රහයේ 22 වැනි කලාපය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා වෙත ප්‍රදානය කර තිබේ.
සම්භාෂා ශාස්ත්‍රීය සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරක නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ බලගොඩ අමරජෝති හිමියන් සහ අභිනව අධ්‍යාපන අධ්‍යක්ෂ මාදෝවිට වජිරබුද්ධි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදානය සිදු කෙරිණි. පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශාස්ත්‍රීය පර්යේෂණ, සාහිත්‍යමය හා සමාජ විද්‍යාත්මක දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සංග්‍රහය ප්‍රකාශයට පත් කෙරෙන අතර, එය ආගමික, සාහිත්‍යමය හා ශාස්ත්‍රීය වශයෙන් වැදගත් විද්වත් ලිපි රැසකින් සමන්විත වේ.
මෙම අවස්ථාව සඳහා පිරිවෙන් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් කේ. සී. නිරෝෂන් මහතා සහ අග්‍රාමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කරුණාරත්න බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
















