ජගත් පරිසර දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. “දේශගුණික ක්‍රියාකාරිත්වයන් සඳහා ගෝලීය කැඳවීම” මෙවර ජාත්‍යන්තර තේමාව වුවද, ශ්‍රී ලංකාව විසින් මෙවර පරිසර දිනය සමරනු ලබන්නේ “දලුලන්න ඉඩ දෙන්න – දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමු” යන තේමාව යටතේය.
මෙම දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රිටිගල, අලියාවැටුණු වැව, බුලෑගල, කෝන්කැටියාව සහ කල්ලන්චිය යන වනාන්තර පහ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, හෙක්ටයාර් 2169ක් පමණ වන එම රක්ෂිත ප්‍රදේශවලට අමතරව ‘කුඩා බුබුළ’ දිය උල්පත් රක්ෂිතය ද නව රක්ෂිතයක් ලෙස නම් කර ඇත. ‘වනස්පති’ වැඩසටහන යටතේ 2025 වසරේ සිට මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත බවට නම්කර ඇති බව ද සඳහන් වේ.
වනාන්තර විනාශය වැළැක්වීම අරමුණු කරගනිමින් ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ සම්බන්ධ කර ගනිමින් ‘වන සුරැකුම’ නමින් නව වැඩසටහනක් ද ආරම්භ කර ඇත. වන විනාශයන් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සඳහා මහජනතාවට විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ. මැයි 30 වැනිදා සිට ජූනි 05 වැනිදා දක්වා පරිසර සතියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් වැඩසටහන් රැසක් පරිසර අමාත්‍යාංශය මගින් සංවිධානය කර ඇත.
















