බඩගින්නේ සිටි හොරු කල්ලියක් ඉතා වේගයෙන් රටේ සම්පත් සොරකම් කරමින් සිටින බවටත්, හාන්ස් විජේසූරිය මහතා වැනි පුද්ගලයින්ට ඩිජිටල් තාක්ෂණය භාරදෙන විට රට මෙලෙස “හාන්සි” කරනු ඇතැයි තමන් නොසිතූ බවටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා චෝදනා කරයි. ආණ්ඩුව පත්වූ මුල් කාලයේ ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන් පවා පුද්ගලයින් රහස් පොලිසියට (CID) කැඳවීමට උනන්දු වූ ජනාධිපති ලේකම්වරයා, අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මහා පරිමාණ මූල්‍ය වංචාව සිදුවී මාස හතරක් ගතවී ඇතත් ඒ පිළිබඳව මෙතෙක් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොකිරීම පුදුම සහගත බව ඔහු පෙන්වා දෙයි.
විපක්ෂය විසින් මෙම වංචාව හෙළිදරව් නොකළේ නම් ඉදිරි වසර පහ පුරාම මෙය රහසක්ව පවතිනු ඇති බවත්, මෙම මූල්‍ය වංචාවේ ප්‍රධාන චූදිතයා මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා මෙම සමස්ත සිදුවීමට වගකිව යුතු බව අවධාරණය කළ සම්පත් අතුකෝරළ මහතා, වත්මන් පාලනය යටතේ සිදුවන දූෂිත ක්‍රියාවන් පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ද සඳහන් කළේය.













