ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු මෙරට කාන්තා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් නවදිල්ලියේදී ඉන්දීය ලෝක් සභා කථානායක ඕම් බිර්ලා මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. දෙරට අතර පවතින දීර්ඝකාලීන සංස්කෘතික සහ ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම කාන්තා නායකත්වය, ඇතුළත් සංවර්ධනය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කාන්තා දායකත්වය වැඩිකිරීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත්හ. අන්තර් පාර්ලිමේන්තු සහයෝගිතාව සහ දෙරටේ ජනතාව අතර පවතින සබඳතාව තවදුරටත් වර්ධනය කරගැනීමට මෙම හමුව මනා පිටුවහලක් වන බව ඕම් බිර්ලා මහතා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් අවධාරණය කළේය.















